Tuesday, September 08, 2026
Follow Us
නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

පක්ෂයේ ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ආර්ථික වැඩපිළිවලේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම දිස්ත්‍රික් නියෝජිත සමුළු පැවැත්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කෙරෙනු ඇති.

(Aruna)