විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු පිළිබඳ ගෙන එන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසනවා.
2019 වසර වනවිට රටේ ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාව ද බිඳවැටී තිබුණු නමුත් තමන් බලයට පැමිණි පසු ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් කරවීම සඳහා පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් මේවනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. එම මන්ත්‍රීවරුන් අතරට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ද ඇතුළත්. ඔවුන් කණ්ඩායමක් ලෙස එක්වී මෙම වැඩපිළිවෙළ දියත් කරන බවටයි වාර්තා වන්නේ.
ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී සිටින බවත් මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් (28) සඳහන් කර සිටියා.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති බව වාර්තා වේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 11 හේ එකමුතුව අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාවට සහභාගී වීම සඳහා එම පක්ෂ එකමුතුව තීරණයකට එළඹුනේ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සාකච්ඡා කිරීමට එක් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තමන් එකඟ නොවන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුවම යෝජනා කර තිබීමෙන් ඔවුන් විසින්ම පරාජය භාර ගෙන ඇති බව තහවුරු වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් බිහි කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේ දී සාකච්ඡා කරන බව ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ කොළඹ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එලැඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.
ගාලු මුවදොර වේවා, රටේ කුමන තැනක හෝ වේවා මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ මේ දුර්දාන්ත ආණ්ඩුව සහමුලින්ම ගෙදර යවන ලෙසත් බවත්, ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය ඇප කැප වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (28) දිනයේදීත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු රට අරාජික වීමට ඉඩ ඇති නිසා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
විශ්වාසභංග යෝජනාවකින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව අන්තර්කාලීන ආණ්ඩුවෙහි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරයකු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා හෝ ඩිලාන් පෙරේරා පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා. ඒ, නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් ඉවත් වන බව තහවුරු කිරීමත් සමගයි.
ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ජනතා අරගලයට සහාය පළ කරමින් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති දැවැන්ත පාගමන අද (26) මහනුවරින් ආරම්භ කිරීමට නියමිත ය.
Page 172 of 553