Wednesday, February 04, 2026
Follow Us
තීරණාත්මක පක්ෂ නායක රැස්වීම අද

විශ්වාසභංගයට අද දින නියම කරයි ?


පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එය ආරම්භවීමට නියමිතයි.

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරෙනු ඇත.

විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය තීරණය කිරීම ද අද (09) දිනයේදී සිදුවනු ඇතැයි වාර්තා වේ.

(Aruna)