Tuesday, February 03, 2026
Follow Us
චම්පිකගේ නඩු 27 ට කල් යයි

අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා හමුවේ නඩුව කැඳවා තිබූ අතර ලබන 27 වැනිදා දක්වා නඩුව කල්තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

නඩුවේ මූලික විරෝධතා පිළිබඳ ලිඛිත දේශන එදිනට ඉදිරිපත් කර ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

LNW