කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය වශයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද රටේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් බවත් මේ දේශපාලන සූදුවේ අවාසනාවකට මෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ඉත්තන් වී ඇති බවත්, මෙහි දී ජනතා අභිලාෂයන් යටපත් වී බලයේ සිටින පාර්ශ්වය කුමන හෝ ආකාරයකින් ජනමතය විවිධාකාර වූ ක්‍රමයකින් යටපත් කරගෙන තමන්ගේ අභිමතාර්ථයන් ජනග්‍රහණය කරවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් අද (23) විපක්ෂ නායක කාර්යාලයේ දී ව්‍යවස්ථා සංශෝධන පිළිබද පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරි දුන්නෙමි, මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා (24) දිනයේදී කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව වර්ජනය කර ඇති විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ජනතාව නොමග යැවීම සදහා පමණක් බව සමගි ජනබලවේගය පවසනවා. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද සාකච්ඡා කිරීමට එක්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.
Ambassadors of the European Countries have assured the continuous support to Sri Lanka at this challenging time.
ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ සේවය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බව වාර්තා වේ.
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලයේ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩු කළේයැයි චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවෙන් ඔහු අද නිදහස් කෙරුණා. ඒ, නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා කළ බව කියන ප්‍රකාශයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ 23 පැමිණිල්ලක් ගොණු කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට ජූලි මස 4 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කළා. ඒ, සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව අධිචෝදනා භාරදීම සඳහායි.
බලශක්ති අමාත්‍යවරයා බටහිර රටවල බලපෑමට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එකමුතුව කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙරටට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මැදිහත් නොවන්නේ ඒ අනුව බවයි.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට රුසියාවේ සහාය ලබාගැනීම සදහා රජයට කිසිදු උනන්දුවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.
Page 147 of 551