ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහායි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුවහොත් තෙල් අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
ධම්මික පෙරේරා මහතා හෙට (22) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
The Gotabaya Rajapaksa – Ranil Wickremesinghe regime must stop forthwith further aggravating the misery of millions of families in Sri Lanka and step down immediately making way for Parliament to elect a new President, a Prime Minister and a cabinet under an all-party interim government, Chief Opposition Whip and senior vice president of the SJB Lakshman Kiriella said yesterday.
ඊයේ (21) පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර කාරකසභාවේ (කෝප් කමිටුව) රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට තදබල දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු අද තීන්දු කළා.
පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් 20 පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වූ මෙම රැස්වීමේදී අතිශය උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එකතුවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
පවතින ආණ්ඩුව වෙනස් නොකර රට මුහුණ පා තිබෙන අර්බුදවලට විසඳුම් ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතාව අවම වශයෙන් මුදල් අමාත්‍ය ධුරයෙන් හෝ ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකර තිබූ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
රට තවදුරටත් අගාධයට නොදමා වගකීම් තමන්ට භාරදී ආණ්ඩුව ඉවත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයේ මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් නම් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන බව සමඟි ජනබලවේගය පවසනවා.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමත් මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සිය පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයෙන් තීරණයක් දෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමක් නොකරන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නීතිඥයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටිනවා.
Page 148 of 551