ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද කතාව මහපොළොවේ යථාර්ථයත් වේ යැයි සිතන බවත් සර්ව පාක්ෂික රජයක් සහ පාර්ලිමේන්තු කමිටු හරහා රට නැවත නගා සිටුවීමේ වැඩසටහනට සවියක් වෙන්න විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස සූදානම් බවත් එහි දී ඇමති කටු සුප්පු කරන දේශපාලනයකට කිසිසේත්ම සූදානම් නොමැති බවත් ඊයේ (3) පාර්ලිමේන්තු නව සභාවාරය විවෘත කිරීම අවසානයේ මාධ්යවේදීන් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවට එක් නොවුණද පිටත් සිට සහය දීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසුවේය.
ජනතාව මර්දනය කිරීමට කටයුතු කරන රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සහ වත්මන් පාර්ලිමේන්තුවට එරෙහිව අගෝස්තු 09 වෙනිදා රටේම ජනතාව පාරට බස්සවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 11 වනදා යළිත් මෙරටට පැමිණීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.
පසුගිය ජුලි 09 වෙනිදා පැමිණියේ අරගලයේ පළමු රැල්ල බවත් දෙවැනි රැල්ල දැනටත් මඟ එමින් තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා කැබිනට් අමාත්‍ය ධුරයක් සඳහා පත්කෙරෙනු ඇති බවට මුලින් වාර්තා වී තිබුණත් මේ වනවිට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සකස් කෙරෙන විශේෂ යාන්ත්‍රණයක ප්‍රධාන තනතුරක් ඒ මහතාට හිමිවනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
ජනාධිපතිවරයෙක් විසින් කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිය රාජාසන කතාව ලෙස සිදුකළ අතර අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
“රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව” මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට සහාය දීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි උනන්දුවෙන් සිටින බව ආරංචිමාර්ග පවසයි.
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ හට පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 11 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ එවැනි වැඩපිළිවෙලක් තුළ තම පක්ෂයත් එක්ව කටයුතු කිරීමට නම් රජය මේ වනවිට අරගලකරුවන්ට එරෙහිව ගෙනයන මර්දනකාරී ක්‍රියාවලිය නැවැත්විය යුතුයැයි තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.
The National People's Power (NPP) was not ready to join any all-party government that was formed with President Ranil Wickremesinghe and the Rajapaksa camp, NPP leader Anura Kumara Dissanayake said today.
ඊයේ (02) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්ව තිබේ.
Page 132 of 553