Sunday, February 01, 2026
Follow Us
මන්ත්‍රී හර්ෂ මහ මැතිවරණයක් ඉල්ලයි

සාර්ව පක්‍ෂික වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවන්නේ නම් කඩිනමින් මහමැතිවරණයක් පවත්වා ජනතාවට සිය නියෝජිතයන් පත් කරගැනීමට අවස්ථාව ලබාදිය යුතු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සාර්ව පාක්‍ෂික ආණ්ඩුවක් සදහා මේ වනවිට සිදුකෙරෙන සාකච්ඡාද පළ රහිත බවයි.

කෙසේවෙතත් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ. මේ, අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවල්.

කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසුවේ රට ගොඩනැගීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සියලු පාර්ශව අවස්ථාව ලබාදිය යුතු බවයි.

Neth