මහින්දානන්දලා,රෝහිතලා,ජොන්ස්ටන්ලා සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින් වර හදිසි නීතිය බලාත්මක කරමින් මර්දනයට සහය දිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පෙන්වාදුන්නේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අතර සටනක් උද්ගතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වැනි සේනාංකය ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සුබවාදී ප්‍රතිචාර හිමිව ඇති බව වාර්තා වේ.
කිසිඳු වරදාන වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් තොරව මෙම අසීරු අවස්ථාවේදී රජයට සහය දක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. එමෙන්ම රට තුළ පවතින ගැටළු විසඳීමට හැකි පුද්ගලයෙකු වේ නම් එම පුද්ගලයාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබට නොවන බවයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉල්ලීම් රැසක් ලැබී තිබේ. මෙම ඉල්ලීම සිදුකර ඇති බහුතරයක් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් බවයි වාර්තා වන්නේ.
දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද කැඳවා තිබෙනවා. ඒ, මැතිවරණ නීති ප්‍රතිශෝධනය පිළිබඳ තේරීම් කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය පිළිගැනීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
තමන් ඇතුළු ඩලස් අලහප්පෙරුම මහතාගේ මන්ත්‍රී කණ්ඩායම සර්ව පාක්ෂික රජයේ කිසිදු අමාත්‍ය ධුරයක් භාර නොගන්නා බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරය අමතක කර අශිෂ්ට ආකාරයට තීන්දු තීරණ ගත්තානම් අද වන විට තමාට ජනාධිපති වුව විය හැකි බවත් එහෙත් සදාචාර විරෝධිව ජනාධිපති නොවී ජනතාවගේ කැමැත්තෙන් තොරව කිසිඳු තනතුරක් ලබා නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කැරැල්ලක් නිර්මාණය වූ විට එය මැඬපැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බවත් ඒ සඳහා වෙනත් ක්‍රමවේදයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සියලු දෙනාගේ පොදු අරමුණ වන්නේ රට ගොඩනැගීම බවත් ඒ වෙනුවෙන් පෞද්ගලික ලාභ අපේක්ෂාවන් පසෙක තබා එකට එක්විය යුතු බවත්, එය හුදු තනතුරු හුවමාරුවක් නොව කමිටු ක්‍රමය හරහා සක්‍රීයව රට ගොඩනැගීම උදෙසා දායක වන්නක් විය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් අගෝස්තු 09 වනදා පැවැත්වීමට යන විරෝධතාවට සමගි ජන බලවේගයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා අවධාරණය කරයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වන බවක් පෙන්නුම් කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
Page 131 of 553