Wednesday, January 28, 2026
Follow Us
පක්ෂ භේද නොසලකා ඡන්දයක් ඉල්ලා හඬ නඟමු

පක්ෂ භේද නොසලකා මැතිවරණයක් ඉල්ලා එකට එක්ව හඬ නඟමුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිවිල් සංවිධාන සහ විපක්ෂයේ පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඊයේ (14) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුරය

ජනතාව මංමුළා කරමින් විවිධ සාවද්‍ය හේතු ඉදිරිපත් කරමින් වත්මන් රජය පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය කල් දමා ඇති බවත්, ඔවුන් ඉන් නොනැවතී විවිධ දේශපාලන අතකොලුවන් උපයෝගි කරගෙන වෙනත් ක්‍රමවේද හරහා විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතනවල නියෝජිතයන් නැවත කැඳවීම උදෙසා අන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලියක මේ රජය නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

-Dinamina