රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඔහු වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.
අද (06) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරිණි.
ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිළිබඳ කල් තබන ලද විවාදය සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිලිබඳ කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි.
අනතුරුව, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා හොඳ විකල්පයක් තිබෙනම් ඉදිරිපත් කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
2023.06.29 වැනි දින පැවැත්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට විපක්ෂ නායකවරයා සහභාගි වූ බවත් එහි දී එතුමාට අදහස් දැක්වීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදුන් බවත් විපක්ෂ නායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් 2023.06.30 වැනි දින පැවැත් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී
ඇතැම් සමෘද්ධි නිලධාරින්ම අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ කඩා කප්පල් කරන්න කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඇතැම් කණ්ඩායම් රට තුළ නැවත ජාතිවාදී හා ආගම්වාදී ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ දරන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පළාත් පාලන ආයතනවල සේවකයින් ක්‍රමයෙන් ස්ථිර කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය සඳහා ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) පාර්ලිමේන්තුවට නිවේදන කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
බාහිර බලපෑම් වලින් සහ කුහක දේශපාලන අරමුණුවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටිමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සංශෝධන සහිතව අද (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත විය.
ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පසුගියදා (05) පත් කෙරිණි.
රටේ බැංකු පද්ධතිය බිඳ වැටීමට ඉඩ නොදී දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේ විරුද්ධ පක්ෂය සහ ඇතැම් කණ්ඩායම් හැසිරුණු ආකාරය පිළිබඳව ජාතියක් ලෙස කණගාටුවට පත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
• ජූලි 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ
• “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ කල් තැබීමේ විවාදය ජූලි 5 වැනිදා
• දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් ජූලි 6 වැනිදා
රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් තමා විසින් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.
ණය යෝජනාවෙන් අර්ථසාධක හා භාරකාර අරමුදල්වල සේවක මුදල් වලට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
රටක් හැටියට ගත් තීරණ නිසා යම් ස්ථාවර මට්ටමක සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදෙන්නටත් ජනතාවට සහන ලබාදෙන්නත් හැකි වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Page 60 of 553