Wednesday, January 28, 2026
Follow Us
Political

දීර්ඝකාලීනව මේ රටේ පවතින අලිමිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රතිපත්තියක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත සකස් කරමින් පවතින බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

Political

ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශවල වැඩබැලීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කර තිබෙන බව වාර්තා වෙයි.

Political

ලබන ජූනි 20 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත අද (20) සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Political

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක තහනමට සහ කැනේඩියානු අගමැතිවරයා විසින් කරන ලද ජන සංහාරය පිලිබඳ අසත්‍ය චෝදනාවලට එරෙහිව දැඩිව පෙනී සිටින ලෙස ආංශික අධීක්ෂණ කමිටුවෙන් උපදෙස්

Political

බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පුහුණු සේවකයින් වශයෙන් බඳවා ගත් අධිකරණ අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුහුණුව ලැබු සේවකයින් සදහා කාර්යාල කාර්ය සේවයේ iii වන ශ්‍රේණියේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත හැකි හොඳ දේ දිනාගන්නට පක්ෂ පාට භේදයෙන් තොරව පාර්ලිමේන්තුවේ 225 දෙනාම එක්වෙමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට යෝජනාවක් කළේය.

Political

මේ වසර අවසන් වන විට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් සම්මත කිරීමට රජය අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Political

සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමය විනිවිදභාවයකින් පවත්වාගෙන යාමට කිසිදු සහයක් නොදුන් පිරිස, වැරදි මතවාද සමාජගත කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Political

අද (20) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Political

විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7342ක් සඳහා ගුරු පත්වීම් ලබා දීමට හැකි වූ බවත් ඒ සඳහා අඩිතාලම වැටුණේ, 1980 දශකයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 1985 වසරේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමෙන් අනතුරුව 1986 වර්ෂයේ දී විද්‍යා පීඨ පනත හඳුන්වා දී විද්‍යා පීඨ පද්ධතියක් බිහි කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට එවක සිදු කළ සේවාව නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Political

රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඇතුළු මහජන සේවාවන් වෙනුවෙන් සිදු වු ක්‍රියාවලියේදී පාර්ලිමේන්තුව සුවිශේෂී මෙහෙවරක් සිදු කර ඇති බවත් එම ඉතිහාසය ගැන කිසිදු කරුණක් නොදන්නා ඇතැම් පිරිස් නිකරුණේ පාර්ලිමේන්තුවට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Political

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජනාධිපති කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරේ

Political

පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය සඳහා වූ පනත් කෙටුම්පතට ර‍ජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එක් සංශෝධනයකට යටත්ව අනුමැතිය ලබාදීම සිදුවිය.

Political

නවීන ලෝකයට නොගැලපෙන කම්කරු නීති වෙනස් කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති කම්කරු නීති සංශෝධනයට ඉදිරිපත්ව තිබෙන යෝජනා ජනගත කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එහි දී, නව අදහස් ලබාගෙන අලුත් කම්කරු නීතියක් ඉදිරිපත් කිරීමට කටයුතු ක‍රන බවත්, සේවා ස්ථානය තුළ වෙනස්කොට සැලකීම වැලැක්වීමට නීති ගෙන ඒමටත් කටයුතු කරන බව හෙතෙම පැවසීය.

එමෙන්ම, පඩි පාලක සභා ආඥා පනතේ සහ සාප්පු හා කාර්යාල පනතේ පවතින වෙනස්කම් නැති කර, සැමට සමානව සලකන ආකාරයට කටයුතු කරන  බවත්, සේවා ස්ථානය තුළ හිරිහැරවලට ලක්වීම වැලැක්වීම හා සියලුම ආකාරයේ ලිංගික හිංසන වැලැක්වීමට කටයුතු කරන බවත්, සේවකයාගේ කැමැත්ත අනුව දින පහක වැඩ සතියක් හා නම්‍යශීලී වැඩ කරන කාලය හදුන්වා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථා ලබාදෙන නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම සහ කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රියේ සේවයේ යෙදවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට මෙන්ම පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ලබා දීමට ද කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන ගැනීම සම්බන්ධව මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම, අතිකාල වැඩ කරන ප්‍රමාණය සහ ගෙවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් ඒකමිතික ක්‍රමයක් හදුන්වා දීමටත්, නිවසේ සිට සේවය කිරීම විධිමත් කිරීම සදහා ක්‍රමවේදයන් හදුන්වා දීමටත්, විදේශීය සේවකයින් ලංකාවේ සේවය කිරීමේ දී එය විධිමත් කිරීම සදහා වන නීතිමය ප්‍රතිපාදන ගෙන ඒම සහ නියාමනය කිරීම සදහා නීති සකස් කිරීම කෙරෙහි ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

පුහුණුවන්නන්ට/ආධුනිකයින්ට අදාල නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම මෙන්ම ඒ සදහා වන නිවරදි අර්ථනිරූපණ ලබා දීමට ද, ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වාදීමට ද,  ඒ මගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට ද මෙහි දී යෝජනා විය.

සේවකයින් විසින් සිදුකරන විශමාචාර ක්‍රියාවන්ට අදාල විනය කටයුතු නිශ්චිත කාලයක් තුළ අවසන් කිරීම සදහා සේව්‍ය පාර්ශවය වගකියන ක්‍රමවේදයක් හදුන්වා දීමටත්, සේවකයින් සේවා ස්ථානයේ දී සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා නෛතික ප්‍රතිපාදන ශක්තිමත් කිරීම කෙරෙහි ද අමාත්‍යවරයාගේ අවධානය මෙහි දී යොමු විය.

දුර්වල කාර්යසාධනයන් මත හා ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන විට සේවය අහිමිවන සේවකයින්ට වන්දි ලබාදීම හා එය වේගවත්  සහ සරල කිරීම සදහා වන ක්‍රමවේදයක් සකස් කිරීමටත්, අමුද්‍රව්‍ය නොමැතිකම, යන්ත්‍රසූත්‍ර නොමැතිවීම, ඇනවුම් නොමැතිවීම හෝ සේවා යෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතූන් මත කෙටිකාලීනව සේවය නතර කිරීමට කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ලබාගත යුතු බවට වන  නීතිමය ප්‍රතිපාදන හදුන්වාදීමටත් මෙන්ම, සේව්‍යයන් ස්වේච්ඡාවෙන් සේවය හැරයාමේ දී මාසයකට පෙර සේවා යෝජකයා දැනුවත් කළ යුතු බවට වන ප්‍රතිපාදන හදුන්වා දිමටත් මෙහි දී යෝජනා විය.

සේවා යෝජකයා සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත් දැනට නීතියෙන් පිළිගන්නා ආකාරයට වෘත්තීය සමිති මගින් සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත් කෙරෙහිද අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීමටත්, වැටුපෙන් සාමාජික මුදල් අඩුකර වෘත්තීය සමිතිවලට යැවීම සදහා සේවායෝජකයාට අනිවාර්ය කිරීම පිළිබඳවත්, සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය සහ විරැකියාවක දී වන්දි ලබාදෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීමටත් කටයුතු කරන බව මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Political

මේ වසරේ ඡන්ද හිමියන් ගණන් ගැනීම සඳහා ග්‍රාම නිලධාරි ඔබගේ නිවෙසට පැමිණ නැත් නම් නොපමාව එම නිලධාරියා අමතා ඔබේ නම ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කරගැනීමට කටයුතු කරන මෙන් මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Political

අපේ දරුවන්ට විවෘතව හිතන්න පුරුදු කළ යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

Political

විකාශන අධිකාරි පනත මූලික කරගෙන මාධ්‍ය මර්දනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත්  පනත් කෙටුම්පතට සාධනීය වෙනස්කම් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කළ හැකි බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.