Wednesday, January 28, 2026
Follow Us
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව හැමවිටම ගරු කරනවා - අගමැති

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, ආණ්ඩුව මුල්වී ඉදිරිපත් කළ එකක් නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව හැමවිටම ගරු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී (08) ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨයන් ලෙස පෞද්ගලික මන්ත්‍රීවරුන්ට යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩදී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව පැවැසූ අග්‍රාමාත්‍යවරයා, එසේ වුවත් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ නොහැකි බව ද සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ, එම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව, කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විමසුවේ, ප්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන පරිදි, මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් හා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව සුදානම් ද යනුවෙනි.