ගොවීන්ට වන්දි දීමෙන් පමණක් ඔවුන්ට සිදුවෙන හානිය අවසන් කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සිසේරියන් සැත්කම් වෙනුවෙන් භාවිත කරන හෙවි මාකේන් ඖෂධයේ කිසිඳු හිඟයක් නොමැති බවත් මේ වනවිට එම එන්නත් තිස් දහසකට වැඩි ප්‍රමාණයක් ඇති බවත් සෞඛ්‍ය අැමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.
ජුලි 26 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම යෝජනා සහ අදහස් අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙරට නිෂ්පාදනය කරනු ලබන පොල් ප්‍රමාණය දේශීය වශයෙන් පරිභෝජනයට සහ කර්මාන්තවලට ප්‍රමාණවත් වන්නේ නැති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවැසීය.
සමඟි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පී හැරිසන් මහතා පවසයි.
වැටී තිබුණු රට ඉතා අසීරුවෙන් පීලි ගත කර ඉදිරියට ගෙන යෑමට ජනපතිවරයා උත්සාහ කරද්දී ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ වැඩපිළිවෙළ අවුල් කිරීමට උත්සාහ කරන බව එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත විය.
2024 වර්ෂය මැතිවරණ ත්‍රිත්වයක්ම පැවැත්වෙන මැතිවරණ වසරක් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දොම්පේ දී පැවසීය.
ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ දේශපාලනයට නොව, රට නිවැරදි මාවතට මෙහෙයවීමට බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් අද (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවූ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.
පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ උත්තර සභාගයට අවස්ථාව ලබා දෙන්න යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මන්ත්‍රී දායාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය.
උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Page 59 of 554