Friday, July 10, 2026
Follow Us
මැතිවරණ කාර්යාලයෙන් දැනුම්දීමක්

මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව ඇද්දැයි ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා ග්‍රාම නිලධාරීන්ගෙන් විමසිය හැකි බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.