Monday, September 14, 2026
Follow Us
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්යම, සබරගමුව, දකුණ සහ ඌව පලාත්වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
 
දිවයිනේ සෙසු ප්රදේශ වල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
 
බස්නාහිර, මධ්යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.