Sunday, September 13, 2026
Follow Us
චීන ජනාධිපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්
නව දිල්ලි නුවර පැවැත්වෙන බ්රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වන අතරතුරය චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ (12) ඉන්දීය අගමැති නරෙන්ද්ර මෝදි මහතා හමු වී තිබේ.
චීනය සැමවිටම ඉන්දියාව සමග සබඳතාව උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා එය ප්රවර්ධනය කිරීමට සහාය ලබා දී ඇතැයි ෂී ජින්පිං මහතා එම හමුවේදී ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාව සැමවිටම ඉන්දියානු-චීන සබඳතාව දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකන බව එහිදී ප්‍රකාශ කළ නරෙන්ද්ර මෝදි මහතා ඉන්දියාව ස්වාධීන විදේශ ප්රතිපත්තියක් අනුගමනය කරන අතර චීනය සමග සබඳතා වර්ධනයේදී කිසිදු තෙවන පාර්ශ්වයක බලපෑමකට යටත් නොවනු ඇති බව ද පෙන්වා දී තිබේ.