පෞද්ගලික දිගු දුර ජෙට් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වෙයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති රොෂ් ජලග්ගේ මහතා, මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපාර රැසක හිමිකාරත්වය දරන ශ්‍රී ලාංකික බිලියනපතියෙකි.
ඔහු මෙරටට පැමිණි Gulf Stream G-V ගුවන් යානයට කිලෝමීටර් 12,000ක දුරක් එක දිගට පියාසර කළ හැකිය.