තායිලන්ත කම්කරු අමාත්යවරයාගේ ආරාධනය පරිදි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අද (14) දින සිට (16) වැනිදා දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම සංචාරය අතරතුර තායිලන්තයේ ඉහළ පෙළේ රාජ්ය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන බවයි වාර්තා වන්නේ.