යූක්රේන-පෝලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි යහොඩින් දුම්රිය ස්ථානයේ තිබූ දුම්රිය එන්ජිමකට රුසියානු ඩ්රෝන ප්රහාරයක් එල්ල වී තිබේ.
ප්රහාරය එල්ල වී ඇත්තේ හිටපු බ්රිතාන්ය අගමැති බොරිස් ජොන්සන් සහ ප්රමුඛ පෙළේ යුරෝපීය ආරක්ෂක නිලධාරීන් පිරිසක් කීව් නුවර පැවති සමුළුවකට එක්ව ආපසු පැමිණි මාර්ගයේදී බවයි වාර්තා වන්නේ.
ප්රහාරයට පෙර මගීන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බැවින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.
අදාළ රාජ්ය තාන්ත්රික දුම්රිය ප්රහාරයේ ඉලක්කය වන්නට ඇති බවට යූක්රේන දුම්රිය සේවය සැක පළ කර තිබේ.