එල්.සැල්වදෝර්හි සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට නිකරගුවාහි ෂීනස් පැලෑසියෝස් සමත් විය.
ජාතික න්‍යෂ්ටික බලශක්ති පද්ධතියක් සඳහා වන නීතිමය සැකසුම ප්‍රවර්ධනය කිරීමෙ අරමුණින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සංවිධානය කළ වැඩමුළුව සඳහා පැමිණි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමඟ සාකච්ඡාවක් අමාත්‍ය කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.
In a virtual address during the Leader’s Session of the Second Voice of Global South Summit, President Ranil Wickremesinghe expressed gratitude to Prime Minister Narendra Modi for the invitation, acknowledging India’s pivotal role in organizing the event.
යුනෙස්කෝ හෙවත් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඡන්ද 144ක් ලබා ගනිමින් තේරී පත් වී තිබේ.
ප්‍රංශ සංචාරක නියෝජිතයන් 40 ක පමණ පිරිසක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවිය.
මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීමේ නිල සංචාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ මාලදිවයින බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
"පළාත් පාලන ආයතනවලට වඩා හොදින් ඔරොත්තු දිමේ හැකියාව ගොඩ නැගිම" තේමාව යටතේ 10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව ඊයේ (14) රුවන්ඩාවේ අගනුවර වන කිගාලි හි දී ආරම්භ කෙරිණි.
මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය.මාලදිවයින් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.
ජයිකා - ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA – Japan International Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා (Mr. Yamada Tetsuya) මහාතා සහ ව්‍යාපෘති සම්පාදන උපදේශක මියකේ යුකාකෝ (Ms. Miyake Yukako) මහත්මිය, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසුණි.
කොරියාවේ පවතින ලොව ප්‍රමුඛ සන්නාම සහිත කර්මාන්තයන් මෙරට ආරම්භ කිරීමේ අරමුණින්, ඒ පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් මෙරටට පැමිණි කොරියානූ දූත පිරිස සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරින් අතර පසුගියදා පැවැත්විණි.
රුවන්ඩා ජනරජයේ පළාත් පාලන ඇමති MUSABYIMANA Jean Claude මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා අතර සාකච්ඡාවක් රුවන්ඩාවේ පළාත් පාලන අමාත්‍යංශයේ දී පැවැත්විය.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලිෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ.
පරිවර්තනීය අධ්‍යාපන ක‍්‍රියාදාමයක් සඳහා නවෝත්පාදනයෙන් බලගැන්වෙන රටක් ලෙස අනාගතයට මුහුණ දීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට ඇති අභිප‍්‍රාය සහ එය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අනාදිමත් කාලයක සිට චීනය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චීන රජයට සිය කෘතවේදීත්වය ද පළ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සවස “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති පාර්ක් හියොන්-ජූන් (Park Heong-Joon) මහතා ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය අවධිය දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පාලන සමයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය දක්වා දිවෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් සිදුවන වෙනස්වීම් හමුවේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉතා වැදගත් වන බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (10) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානොත්සවය අමතමිනි.
මෙහිදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි පාඨමාලා යන මට්ටම් වලින් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 390කට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුවූ අතර 2020, 2021, 2022, සහ 2023 යන අධ්‍යයන වර්ෂවලදී විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වය අගය කරමින් දිවංගත ජයන්ත ධනපාල සහ එච්. එම්. ජී. එස්. පලිහක්කාර යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ගෞරව සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අභාවප්‍රාප්ත ජයන්ත ධනපාල මහතා වෙනුවෙන් ඔහුගේ පුත් සිවංක ධනපාල මහතා විසින් සම්මානය ලබාගන්නා ලදී.
ණය අර්බුදය, තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම ප්‍රමාද වීම සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ගැටළු ඇතුළුව පශ්චාත් කොවිඩ් වසංගත යුගය විසින් එල්ල කර ඇති අභියෝග පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය. එක්සත් ජනපදය සහ චීනය අතර වන එදිරිවාදිකම් හේතුවෙන් පැන නගින සංකීර්ණත්වය සහ එමඟින් ගෝලීය භූ දේශපාලනය කෙරෙහි ඇතිවන බලපෑම ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වර්තමානයේ පවතින තත්ත්වය “ගෝලීය බහු-අර්බුදයේ භූ දේශපාලනය” ලෙස හැඳින්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කොඩිඩ් 19 වසංගතය, ණය අර්බුද, දේශගුණික විපර්යාස, වෙළඳ ගැටළු සහ කලාපීය ගැටුම් ඇතුළු මේ සියල්ල එකිනෙකට සම්බන්ධිතව පවතින අභියෝග වන බව ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රවේශය ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ දැක්ම සමඟ සමපාත වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාගර දෙකක් ලෙස එම එක් එක් සාගරයන්ට වෙන් වෙන් වශයෙන් අනන්‍යතා පවතින බව ද අවධාරණය කළේය.
චීනය, ආසියා – පැසිෆික් සංකල්පයට වැඩි කැමැත්තක් දක්වන බවත්, එක් තීරයක් – එක් මාවතක් සංකල්පය මඟින් පැසිෆික් සාගරයත් ඉන්දියන් සාගරයත් සම්බන්ධ කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ සියලු තත්ත්වයන් හමුවේ වූවද මහා බල එදිරිවාදිකම්වලින් තොර අවකාශයක් ලෙස ඉන්දියන් සාගරය පවත්වා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
අප්‍රිකානු කලාපයේ අඩු ආදායම්ලාභී රටවලට ණය සහන ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා නිවර්තන කලාපය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කළේය. මෙම කරුණු සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් ඇති කරගන්නා සහයෝගීතාවයක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගෝලීය වෙළඳ ක්‍රමය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීමට පෙර ජාතීන් අතර සම්මුතියක අවශ්‍යතාවයද අවධාරණය කළේය.
ගාසා තීරයේ පවතින යුද්ධය පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, හමාස් සංවිධානයේ නායකත්වය විනාශ කිරීමෙන් පමණක් ගැටුම් අවසන් කළ නොහැකි බවත් තවදුරටත් එය උත්සන්න වීම වැළැක්වීම සඳහා කඩිනම් සටන් විරාමයක් අවශ්‍ය බවත් සඳහන් කළේය.
සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැත්වීමට නියමිත එපෙක් (APEC) රාජ්‍ය නායක සමුළුව අතරතුර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජිං පින් අතර සිදු වීමට නියමිත හමුව මඟින් පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ගෝලීය වශයෙන් පවතින මෙම සංකීර්ණතාවන් හරහා ගමන් කිරීමට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රන්සුවා පැක්ටට්, ජපාන නියෝජ්‍ය තානාපති කත්සුකි කතාරෝ යන මහත්ම මහත්මීන් මෙන්ම විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්, හිටපු තානාපතිවරුන්, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයනය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මහචාර්ය ගාමිණී කීරවැල්ල, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ කළමනාකරණ කවුන්සිලයේ සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Page 52 of 373