ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
භූතානයේ පසුගියදා පැවැති මහමැතිවරණයෙන් එරට හිටපු අගමැතිවරයකු වන ට්ෂෙරින් ටොබ්ගි ජයග්‍රහණය අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව සහ G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවට (3rd South Summit of the Group of 77 & China) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටෙබේ (Entebbe) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ අද (19) උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ඊට එක්ව සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා ( Tharman Shanmugaratnam) අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ඊයේ පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් (Pushpa Kamal Dahal) මහතා අතර නිල හමුව නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව අද (20) උගන්ඩාවේ කම්පාලා නුවරදී සිදු විය.
අතීතයේ සිට පැවතෙන දෙරට අතර සංස්කෘතික සහ ආගමික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එය දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ඉවහල් වනු ඇති බවද අවධාරණය කෙරිණි.
එමෙන්ම, දෙරට අතර දේශපාලන අන්තර් සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අන්තර් හුවමාරු වැඩසටහනක් හරහා දෙරටේ පාර්ලිමේන්තු කටයුතු අධ්‍යයනය කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දීමට ද යෝජනා විය.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.
මෙම හමුව පිළිබඳ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින් මෙසේ සඳහන් කර තිබිණි.
“කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ලැබීම සතුටක්.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික මුලපිරීම් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ මග පෙන්වීම අගය කරනවා. ඉන්දියාවේ කැපවීම අපගේ අසල්වැසියා පළමු කොට සැලකීම සහ “සාගර්” ප්‍රතිපත්තිය මගින් පිළිබිඹු වේ”
ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුව (Asia Pacific Medical Education Conference - APMEC) මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙයි.
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙනින් රාජ්‍යයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19) සිදු විය.
මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2024.01.18 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනෙකුත් නිලධාරීන් ඊයේ (17) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අමාත්‍ය කංචන විජේසේකර මහතා හමු විය.
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ඊයේ (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිඹිබු කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.
ජීවිත ආරක්ෂක කබා නොදුන්නාට මවුපියන්ගෙන් චෝදනා
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බරෝඩරා නුවර හරිනි නමැති වැවේ සවාරියක් ගිය බෝට්ටුවක් පෙරලී යෑමෙන් පාසල් සිසුවියන් 12ක් සහ ගුරුවරියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පස්වරුවේ මේ අනතුර සිදු වීමෙන් පසු බෝට්ටුවේ ගමන් කළ තවත් සිසුවියන් 18 දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇතැයි ද වාර්තා වේ.
2024 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා චීන සංස්කෘතික ප්‍රවර්ධන, බෞද්ධ සංස්කෘතික හා කලා සංගමය සමඟ චීනයේදී සාකච්ඡාවක නිරතවිණි.
Pathfinder Shipping said yesterday, it is, with Indian and Norwegian partners, ready to re-establish the ferry link between six to nine months after approvals are granted.
Page 39 of 368