Monday, February 09, 2026
Follow Us
ගාසා තීරයට යළිත් ගුවන් ප්‍රහාර

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (05) ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 30 දෙනෙක් මිය ගොස් ඇති බවයි.

ඒ අනුව උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 20 දෙනෙක් මිය ගොස් ඇති අතර අල් සවායිඩා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 04 දෙනෙක් සහ ඩීර් අල් බාලා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Aruna