Friday, December 06, 2024
Follow Us
අලුත් විදෙස් ඇමති දින 46ක දී හමුවූ රාජ්‍ය තාන්ත්‍රිකයන්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ 2024.09.25වැනිදා වැඩ භාර ගැනීමේ සිට අද(11) දක්වා ගත වූ දින 46ක කාලය තුළ විදේශ රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන නිලධාරීන් 50කට අධික සංඛ්‍යාවක් මුණ ගැසී ඇත.

ඉන්දියාවේ විදේශ ඇමතිවරයා සහ අමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍ය, රුසියාව, ජපානය, සෞදි අරාබිය, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව, දකුණු අප්‍රිකාව ඇතුළු රාජ්‍යයන් හී තානාපතිවරු, විශේෂ රාජ්‍ය තාන්ත්‍රිකයන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු සංවිධානවල නියෝජිත කණ්ඩායම් ද අමාත්‍යවරයා මුණ ගැසී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

එහිදී නව රජයට සුබපැතුම් එක් කළ එම රාජ්‍ය තාන්ත්‍රිකයන් ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ෂික එකඟතා ක්‍රියාත්මක කිරීමටත්, අඛණ්ඩව සහයෝගයේ කටයුතු කිරීමටත් එකඟතාව පළ කර ඇත.

Press Release Ministry of Foreign Affairs page 002

 

Press Release Ministry of Foreign Affairs page 003