ශ්‍රී ලංකාවේ අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.
ශ්‍රී ලංකාවේ අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.
ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත්, දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත් පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) මහත්මිය අවධාරණය කරන අතර ඒ බව ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනතාව තීරණය කළ යුතු බව ද පැවසුවාය.
ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියන් පසුගිය 30වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. ඒ අග්‍රාමාත්‍ය නිල නිවසවන නව දිල්ලියේ පිහිටි ලෝක් කල්යාන් මන්දිරයේ දී ය.
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද ලබා ගනිමින් ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක මහතාට දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනකු සුබපැතුම් එක් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක් සදහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (14) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ගාසා තීරයේ රැදි සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.
වියට්නාමයට බලපෑ යාගී සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ජල ගැලීම්වලින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 250ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණ.
ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබේ.
2024 අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People's Liberation Army Navy) යුද නෞකාවන් වන "HE FEI", "WUZHISHAN" සහ "QILIANSHAN" යන යුද නෞකා ත්‍රිත්වය, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 අගෝස්තු 29) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකා වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
පාකිස්තානයේ පාරිපාලනය යටතේ පවතින ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පවතින දැඩි විදුලි අර්බුදය හේතුවෙන් ජනතාව විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අඛණ්ඩව විදුලිය සැපයීමට ප්‍රාන්ත රජය අසමත් වී ඇතැයි ද, දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටීමෙන් ජන ජීවිතය මෙන්ම ව්‍යාපාරික කටයුතුවලටත් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි එම ප්‍රාන්ත ජනතාව රජයේ බලධාරින් විවේචනයට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඩොලර් මිලියන 1.4ක ආදායම් බදු ගෙවීම හිතාමතාම මග හැරීමේ චෝදනාවට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට ලොස් ඇන්ජලිස් නුවර අධිකරණයෙන් තීන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් පවසයි.
මෙරට පිළිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණය සිදුකරනු ලබන පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍ය FDG නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය ආයෝජනය සහ පහසුකම් සැපයීම වෙනුවෙන් දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පසුව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඇක්සක් ජාත්‍යන්තර සමාගම සමඟ ගිවිසුමකට පසුගියදා එළැඹිණි.
නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තානයේ සියලුම රජයේ සේවකයන්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය ජාලය භාවිත කිරීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදුවූ අතර දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණ.
Page 20 of 367