Monday, October 06, 2025
Follow Us
ජපා­නයේ අග­මැ­ති ­ධු­රය පළ­මු­ව­රට කාන්තා­ව­කට

ජපා­නයේ පාලක පක්ෂය වන ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ නව නාය­ක­ත්ව­යට හිටපු ඇමැ­ති­ව­රි­යක වන 64 හැවි­රිදි සනේයි ටක­ඉචි පත්වූ බවත්, ඇය මේ මස මැද භාග­යේදි එරට පළමු අග­මැ­ති­ ධු­ර­යට පත්වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ මස 15 වැනිදා අග­මැති ෂිගේරු ඉෂිබා ධුර­යෙන් ඉව­ත් වී­මෙන් පසු පාර්ලි­මේන්තු ඡන්ද විම­සී­ම­කින් නව අග­මැති පත්වී­මට නිය­මිත බව ද වාර්තා වේ.

දක්ෂි­ණාං­ශික දේශ­පා­ල­න­ඥ­ව­රි­යක වන සනේයි මීට පෙර ෂින්සෝ අබේ සහ ෆුමියෝ කිෂි­ඩාගේ පාලන කාල­යේදී ඇමැ­ති­ ධුර රැසක කට­යුතු කර ඇති අතර, පාර්ලි­මේ­න්තුවේ පාලක පක්ෂයේ මන්ත්‍රී­ව­රුන් විශාල පිරි­ස­කගේ විශ්වා­සය දිනා සිටින බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ජපා­න­යට නව අග­මැ­ති­ව­ර­යකු තෝරා පත් කර­ගැ­නී­මට සිදුවී ඇත්තේ වත්මන් අග­මැති ධුර­යෙන් ඉවත් වන බව පසු­ගි­යදා නිවේ­ද­නය කිරීම හේතු­වෙන් බව ද වාර්තා වේ. සනේයි සමඟ එම පක්ෂයේ තවත් ජන­ප්‍රිය දේශ­පා­ල­න­ඥ­යකු වන ෂින්ජිරෝ කොයි­සුමි අතර ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ නාය­ක­ත්වය සඳහා පසු­ගි­යදා පැවති ඡන්ද විම­සී­මේදී ඡන්ද 185- 156ක් ලෙස ජය­ ගැ­නී­මට ඇය සමත්වූ බව ද වාර්තා වේ.