ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී ලබන සතියේ මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.ලබන 28 සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එම සංචාරය සිදුකෙරෙන අතර විදේශ අමාත්‍යවරයා ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් සංචාරයට එක්වනු ඇති බව වාර්තා වේ.
එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ නිළ තේමා පටය ඊයේ (20) රාත්‍රියේ එළිදක්වා තිබේ. ඒ, ලෝක කුසලානයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කරමිනි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණ.
The Third Joint Trade and Investment Committee Meeting (JTICM) under Sri Lanka – Australia Trade and Investment Framework Arrangement (TIFA) was held on 12 July at the Department of Commerce.
කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කුරියන් ජේකබ් මහතා සිය ධූරකාලය නිම කිරීමෙන් අනතුරුව ඊයේ (ජුලි 18) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.
කාම්බෝජයේ මහ මැතිවරණය අද (23) පැවැත්වේ.
අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු - ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කෙරිණ.
ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලෙව් මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.
ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජර්මනියේ අධ්‍යාපන, පර්යේෂණ, තාක්ෂණ සහ ඇගයීම් පිළිබඳ කමිටු සාමාජික RIA SCHRÖDER මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ දී පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ මාලදිවයින රාජ්‍යයේ කලා, සංස්කෘතික හා උරුමයන් පිළිබඳ අමාත්‍ය Yumna Maumoon මහත්මිය ඇතුළු ධූත පිරිසක් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති R. Demet Sekercioglu මැතිණිය සහ වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර හමුවක් ඊයේ (21) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
තානාපතිවරියව උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් මහතා ඇය සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
අමාත්‍යවරයා සහ Sekercioglu මහත්මිය අතර පැවති මෙම හමුවේ දී ද්විපාර්ශ්විකව වැදගත්කම, අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් තුර්කි තානාපතිනිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා ද සහභාගී විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.
නවසීලන්තයේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයක් ශ්‍රී ලංකාවේදී ස්ථාපනය කිරීම තුළින් ප්‍රායෝගික සහ අර්ථාන්විත ආකාරයේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පිළිගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඉන්දියාව, මියන්මාරය සහ තායිලන්තය යා කෙරෙන ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සදහා මූලික වටයේ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවී තිබේ.
සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මය, ඖෂධ, ආහාර සැකසුම්, පුනර්ජනනීය බලශක්ති සහ විනෝදාස්වාද කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජනවලට විශාල අවස්ථා පවතින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Page 80 of 387