Friday, September 12, 2025
Follow Us
ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ

චීනයේ චෙංදු නගරයේ ලබන 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ.

22 වැනිදා පෙරවරුවේ එහි නිල උත්සවය පැවැත්විණ. විවිධ රටවලින් පැමිණෙන විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළින් පිළිගැනීම සඳහා පවතින අංගසම්පූර්ණ සූදානම එහිදී පිළිබිඹු කෙරිණ.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩකයන් පිරිසක් ද ඊට සහභාගි වීමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින් පිං, ලබන 27, 28 යන දෙදින ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ 31 වැනි ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වීමට නියමිතය. එම උළෙලට වෙනත් රටවල රාජ්‍ය නායකයන් පිරිසක් ද එක්වනු ඇත.

 
 -Dinamina