Friday, September 12, 2025
Follow Us
ලොව වසඟ කළ කෘත්‍රිම බුද්ධි යුවතිය

19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ.

තඹ කෙස් ඇති, සුන්දර සිරුරකට හිමිකම් කියන ඇය ෆින්ලන්ත යුවතියක යැයි පැවැසෙයි. ඇගේ නම මිලා සෝෆියා ය.

මිලා සමඟ මිතුරු වී සිටින සමාජ මාධ්‍ය ෆලොවර්ස් followers ගණන ලක්ෂයකට වැඩිය.

මිලාගේ සරාගී ඡායාරූප රැසක් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එක්ස් (ට්විටර්) සමාජ ජාලයේ ඇයට වශී වුණු පිරිස 7,000 කට වැඩිය. ඉන්ස්ටග්‍රෑම් හරහා ඇයට ඇලුම් කරන පිරිස 31,000 කට වැඩිය. ටික්ටොක් හරහා ඇය රුව රස විඳින පිරිස 90,000 කි.

ලොව පුරා ආකර්ශණය දිනූ මිලා සැබෑ යුවතියක නොවෙයි. ඇය සැබෑ යුවතිකය සේ, පරිගණක ඇසුරින් සහ කෘත්‍රිම බුද්ධියක් භාවිතයෙන් නිර්මාණය කළ තැනැත්තියකි.

මිලාගේ නිර්මාණකරුවන් පෙන්වා දී ඇත්තේ, ඔවුන් ඇය නිර්මාණය කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සැබෑ යුවතියන්ට ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් බවය.

මිලා නිර්මාණය කර ඇත්තේ, සයිඩස් ස්ටුඩියෝ එක්ස් Sidus Studio X සමාගමය.