Sunday, April 12, 2026
Follow Us
අද ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි
බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්රික්කවලත් ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු පළාතෙත් අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල උදෑසන කාලයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
 
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
 
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
 
මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
 
දෘශ්ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද (12) දින දහවල් 12:11 ට චෙඩ්ඩිකුලම්, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල සහ නිලාවේලි යන ප්රදේශවලට හිරු මුදුන් වනු ඇත.