බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් පරාජයට පත් විය.
විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය අද (10) දිනය පුරා පැවති අතර විවාදය අවසානයේ පස්වරු 6.00ට පමණ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 153 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 49 ක් පමණි.