Monday, October 27, 2025
Follow Us
 ‘මොන්තා’ සුළි කුණා­ටුව හෙට එයි

ගිනි­කො­න­දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේ­ශයේ පැවති ගැඹුරු පීඩන අව­පා­තය සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය වීමෙන් ඇති වූ ‘මොන්තා’ සුළි කුණා­ටුව හෙට (28) දිනයේ චණ්ඩ සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය විය හැකි බව කාල­ගුණවිද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අන­තුරු හඟ­වයි.

එම සුළි කුණා­ටුව ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩ­බිම දෙසට ගමන් කිරී­මට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වෙයි.

මේ තත්ත්වය හේතු­වෙන් මධ්‍යම කඳු­ක­රයේ බට­හිර බෑවුම් ප්‍රදේ­ශ­ව­ලත් බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරු-මැද, වයඹ පළා­ත්ව­ලත්, ත්‍රිකු­ණා­ම­ලය සහ මඩ­ක­ළ­පුව දිස්ත්‍රි­ක්ක­ව­ලත් පැ.කි.මී. 50-60ක් පමණ විටින් විට හමන තද සුළං ඇති විය හැකි බව කාල­ගුණවිද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව තද සුළං පිළි­බ­ඳව අව­වා­දා­ත්මක නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.