ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අද (08) සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කරන බවයි.
එමෙන්ම ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබියදී ධාවනය, වර්ණය වෙනස් කිරීම, මෝටර් වාහනවල ඉදිරි පිටුපස සහ බඳෙහි පැතිවල චිත්‍ර මොස්තර සහ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම, නීති විරෝධි සවිකිරීම් නිර්මාණ වෙනස් කිරීම යන කරුණු කාරණා සම්බන්ධයෙන් ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
.