Tuesday, September 09, 2025
Follow Us
පිළිකාව නැසීමට රුසියාවෙන් එන්නතක්

එන්ටරොමික්ස් නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කිරීමට සමත්වූ බව රුසියාව නිවේදනය කර තිබේ.

මේ එන්නත මිනිසුන් යොදාගෙන අත්හදා බලා ඇති බවත් එමගින් සියයට සියයක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවත් ඔවුන් පවසයි.

mRNA එන්නතක් වන එන්ටරොමික්ස් එන්නතට, පිළිකා සෛල හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැනසීමට පවා හැකි බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ.

ඒ අනුව එම එන්නත අවසන් අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.