ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී, මංගල විජේසිංහ මහතා පවසයි.මෙය 2024 අදාළ කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
අමාත්‍යාංශ කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සහ 2025.12.31 දක්වා අපේක්ෂිත ප්‍රගතිය සම්බන්ධව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය.
ලෝක වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.
ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් පසුගියදා(25) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී සාකච්ඡාවක් පැවැත්වූහ.
යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.
ඒ නුව ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල අද (17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ ඇත.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,00ක් ඉහළ ගොස් තිබේ.
2025 වසරේ ගත වූ මාස 09 තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,725,494ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
Page 10 of 274