Saturday, March 14, 2026
Follow Us
සංචාරක ප්‍රවර්ධනය සඳහා ජපාන දූත කණ්ඩායමක් මෙරටට
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් සංචාරක ප්රවර්ධනය සඳහා මෙරටට පැමිණි 11 දෙනෙකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණියහ.

 

ශ්රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහමේ ආගමනය සහ විකාශනය, පාරම්පරික සංස්කෘතිය, ආයුර්වේදය, සම්ප්රදායික චාරිත්ර වාරිත්ර, ආහාර රටාව, ආර්ථික බෝග ආදිය සම්බන්ධයෙන් අධ්යයනය කර ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙම දූත පිරිසේ අරමුණ වී තිබේ.
 
එමගින් දෙරට අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීම සඳහා සිදු කළ හැකි මැදිහත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ ඔවුහු, තමන් ලබා ගත් දැනුම ජපානයේ ජනතාව සමඟ බෙදාහදා ගැනීමට කටයුතු කරන බවද පැවසූහ. එසේම, ජපානය තුළ ශ්රී ලංකාව ප්රමුඛපෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීම, කොළඹ, අනුරාධපුරය, සීගිරිය, මහියංගණය සහ මහනුවර යන ප්රදේශයන් කේන්ද්ර කර ගනිමින් ශ්රී ලංකාවේ සංස්කෘතික උරුමය ජාත්යන්තරයට ගෙන යාම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
 
මෙම දූත කණ්ඩායම ජනාධිපති කාර්යාලයට අමතරව, සපුගස්කන්ද පුරාණ විහාරය, මිහින්තලය, අනුරාධපුරය, සීගිරිය, දඹාන, මල්වතු මහා විහාරය, වරාය නගරය ඇතුළු තවත් සුවිශේෂී ස්ථාන රැසක්ද නැරඹීමට එක් වූහ.