ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජිඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ඊයේ (12) මොරොක්කෝවේ මරකේච්හීදි සිදුවිය.
ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්වුණි. එහි දී ඇය ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාවේ දරණ ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය සහතික කළේ ය.
මීට වසරකට පමණ ඉහතදී අප රට තුළ පැවති ආර්ථික අර්බුධය හමුවේ අප රට බංකොලොත් රටක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පළමු වතාවට ණය ශ්‍රේණි ගත කිරිම් අනුව අප රට මදක් ඉහළට පැමිණ ඇති බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතය දෙකක් විසින් ප්‍රකාශයට පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සදහා සහය පළකරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට පැමිණ පසුගියදා අමාත්‍ය කංචන විජේසේකර සමග සාකච්ඡාවක නිරතවන විය.
















