සීනි බදු වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය පවතින නීතිමය වපසරිය තුළ උපරිම මැදිහත්වීමක් සිදු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජුලි මාසයේ ඩොලර් මිලියන 541 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සංචාරක කර්මාන්තයෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරනු ලබන සිගීරි ආශ්‍රිත කලාපයේ සංවාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන තිබේ.
මුදල් අමාත්‍යාංශ ප්‍රමුඛ ගිණුම් කටයුතු පරීක්ෂා කරන ආයතනවලට ඕනෑම තැනක සිට රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබාගත හැකි ඉට්මිස් (ITMIS) නම් මෘදුකාංග ව්‍යාපෘතිය සක්‍රීය කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
Enhancing bilateral relations and leveraging opportunities for investment were among the focus points of a Business Networking event with a multi-sectoral business delegation from India recently hosted by The Ceylon Chamber of Commerce at the Shangri-La Hotel Colombo.
The International Trade Centre (ITC), in partnership with the Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ Sri Lanka) proudly unveiled a transformative suite of digital platforms poised to revolutionise the landscape for Sri Lankan SMEs engaged in international trade.
ප්‍රසිද්ධ රැඟුම් පනත යටතේ ඕනෑම විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන මහජන ප්‍රදර්ශනයේදී අය කරන ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය සමයේ සිදුවූ සීනි බදු වංචාවෙන් මෙරටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම පිළිබඳව කමිටුව සිය අප්‍රසාදය පළ කළේය.
අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අනිද්දා (14) ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසයි.
2023 වසයර් මැයි මාසයෙන් අවසන්න වන මාස 5 තුළ දී රාජය ආදායම සහ ප්‍රදාන , 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපෙක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව වාර්තා කරයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් රථවාහන ආනයනය කිරීම මේ වන විට නවතා දමා තිබුණද ඉදිරි සතිය ඇතුළත පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සඳහා යොදාගන්නා තෝරාගත් වාහන සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බැවින් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද ව්‍යවහාරික ක්ෂුද්‍රජීවී පර්යේෂණ, සංවර්ධන සහ පුහුණු පර්යේෂණාගාරය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අතින් සිදු කෙරිණි.
ලබන මහ කන්නයේ සිට බන්ඩි පොහොර (MOP) නිර්දේශිත ප්‍රමාණයම අප් රටේ ලක්ෂ 12ක් වන සියලුම ගොවීන්ට නොමිලයේ ලබා දීමට අද(05) දින තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Page 59 of 274