Friday, May 01, 2026
Follow Us
ඉහළ ගිය ගෑස් මිල ගණන් දැන ගන්න

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3,565ක් වන බව එම සමාගම නිවේදනය කළේය.

කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් වැඩි කෙරෙන්නේ, එහි නව මිල රුපියල් 1.431ක් දක්වා ඉහළ නංවමිනි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 668ක් ලෙසයි.