Wednesday, August 12, 2026
Follow Us
ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් සංචිත නම් කරයි
ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ශ්රී ලංකා සංචිතය ක්රිකට් ආයතනය විසින් අද ප්රකාශයට පත් කර තිබේ.

 

මෙම සංචිතයට ක්රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර, නායක ධනංජය ද සිල්වා. උප නායකත්වය කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබේ.
වසර 3කට පසුව කඩුලු රකින ක්රීඩක නිරෝෂන් දික්වැල්ලද සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.
බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ඇතුළත් නොවූ ලහිරු උදාර, කේෂර නුවන්ත, ඩිල්ෂාන් මදුශංක මෙම සංචිතයට ඇතුලත් කර තිබේ.
නිශාන් මදුශ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, රමේෂ් මෙන්ඩිස්, ප්රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, අසිත ප්රනාන්දු, ලහිරු කුමාර සහ විශ්ව ප්රනාන්දු ද මෙම සංචිතයට ඇතුළත්ව සිටි.
තරගාවලියේ පළමු තරගය ලබන 15 වැනිදා ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.