Wednesday, August 12, 2026
Follow Us
මධ්‍යම පළාතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන සංරක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙළක්
මධ්යම පළාතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන සංරක්ෂණය කොට දෙස්, විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමේ නව වැඩසටහනක් මධ්යම පළාත් සංචාරක අමාත්යංශය සහ මධ්යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ.
ඊට සමගාමීව මහනුවර දිස්ත්රික්කය තුළ සිදු කරන ව්යාපෘති සඳහා යෝජනා හා අදහස් විමසීමේ මූලික සාකච්ඡාවක් පසුගියදා මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවර්ණ මහතාගේ ප්රධානත්වයෙන් මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඒ අනුව මහනුවර වැව මධ්යයේ පිහිටි දියතිලක මණ්ඩපය, බලන කොටුව, බුලතා යෝධයා සකස් කළා යැයි සැලකෙන ඉපැරණි මාර්ගය ඇතුළු මහජනයාට විවෘත වීම සීමා වී ඇති ස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණි.
යෝජනා වුණු ස්ථාන සහ පළාත් සංචාරක අමාත්යාංශය ඉදිරිපත් කර තිබුණූ යෝජනා අන්තර් ගත කරමින් නව ව්යාපෘති වාර්තාවක් සකස් කොට රජයට ඉදිරිපත් කරන බවත් රජයේ සංවර්ධනය කරන එම ස්ථාන අභාවයට නොයන ස්ථිර වැඩපිළිවෙලක් සකස් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවරණ මහතා එහිදී ප්රකාශ කළේය.
මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, මධ්යම පළාත් සංචාරක අමාත්යංශයේ ලේකම් සඳමාලි හේවගේ මහත්මිය, මහනුවර කලාපීය ආර්ථීක සහයෝගීතා ආයතනයේ අධ්යක්ෂ ආනන්ද ස්ටීවන් මහතා, මහනුවර දිස්ත්රික් සැලසුම් හා ක්රම සම්පාදන අධ්යක්ෂ ලක්මාල් කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.