Friday, September 05, 2025
Follow Us
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන ගැටලු පිළිබඳ අගමැතිනිය සමඟ සාකච්ඡාවක්
ශ්රී ලංකා උසස් තාක්ෂණ අධ්යාපන ආයතනයේ කථිකාචාර් වෘත්තීය සංගමය සහ අග්රාමාත්ය, අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර එම ආයතනයේ අධ්යයන හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා (03) අධ්යාපන අමාත්යාංශයේ දී පැවති අතර එම ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් චන්දන රුද්රිගූ මහතා ද එම අවස්ථාවට සහභාගි විය.

මෙහි දී අධ්යාපනයේ නව පරිවර්තනීය වෙනස්කම් හා ප්රතිසංස්කරණ හමුවේ ශ්රී ලංකා උසස් තාක්ෂණ අධ්යාපන ආයතනයට හිමි ස්ථානය හා ආයතනයේ ඉදිරි දිශානතිය පිළිබඳ අවධානය යොමු කරමින් වෘත්තීය සංගමයේ ආචාර්යවරුන් පවසා සිටියේ අධ්යයන හා වෘත්තීය යන දෙයංශයෙන් ම සිසුන්ට උසස් අධ්යාපන ප්රවේශ අවස්ථා සම්බන්ධයෙන් බාධා හා ගැටලු පවතින බවයි.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ අග්රාමාත්යවරිය, එම අංශ දෙකට ම ඒකාබද්ධ ව ඉදිරියට හා හැකි නව ප්රවේශයක මිණුම් දඬු සකස් කිරීමට අවධානය යොමු කරන බව කියා සිටියා ය. අමාත්යවරිය මෙහි දී එම ආචාර්යවරුන්ට වැඩිදුරටත් දන්වා සිටියේ නවීන ලෝකයට උචිත පරිදි ආයතනයේ ආධ්යාපනික හා වෘත්තීය පාඨමාලා විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

වෘත්තීය සංගමය විසින් ඉදිරිපත් කළ ආයතනයේ අධ්යයන/ අනධ්යයන සේවක දීමනා හා වැටුප් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ අග්රාමාත්යවරිය එම ගැටලු විසඳීම පිළිබඳ ව මුදල් අමාත්යාංශය සමග සාකච්ඡා කරන බව පැවසුවා ය.