Friday, September 05, 2025
Follow Us
කලා වැව ආශ්‍රිතව පැතිර ඇති ආක්‍රමණශීලී පැළ ඉවත් කිරීම අදින් ඇරඹෙයි
කලා වැව ආශ්රිතව පැතිර ඇති ආක්රමණශීලී පැළ ඉවත් කිරීම අදින් (05) ඇරඹෙයි

අනුරාධපුර,කලාවැව වැව් පිට්ටනියේ කලාගම සහ බලලුවැව වැව් පිට්ටනියේ ජපන් ජබර ශාඛ මුළුමනින්ම ඉවත් කිරීමේ ව්යාපෘතිය හෙට(05) ආරම්භ වේ.

මෙම ව්යාපෘතිය 06 සහ 07 වැනිදා දක්වා පැවැත්වේ.
 
එහි දී අක්කර 8 ක පමණ ප්රදේශයක ජපන් ජබර හා ආක්රමණශීලී ශාඛයක් වන අගඩා පැළ ද ඉවත් කෙරේ.
 
අලි වාස භූමි තිරසර ලෙස සංවර්ධනය කිරීමය මෙම ව්යාපෘතියේ අරමුණ වන අතර Clean Srilanka ලේකම් කාර්යලය මඟින් මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදුකෙරේ.
 
ආරක්ෂක අමාත්යාංශය , ශ්රී ලංකා මහවැලි අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, පලාගල, ගල්නෑව , කැකිරාව, ඉපලෝගම, තිරප්පනේ යන ප්රාදේශීය සභා, අනුරාධපුර නගර සභාව සහ ශ්රී ලංකා යුද හමුදාව,නාවික හමුදාව ,ගුවන් හමුදාව හා “වයිල්ඩ් ටස්කර්,, යන සංවිධානය මීට දායකත්වය සපයයි.