Friday, September 05, 2025
Follow Us

ඇල්ල වැල්ලවාය මාර්ගයේ මහවංගුව මවුන්ට් හැවන් හෝලය ආසන්නයේ සිදුවූ අනතුරින් 15 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බව වාර්තා වෙයි.

ඊයේ  රාත්‍රී 9.00 ට පමණ ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ජිප් රථයක ගැටී අනතුරුව මාර්ගය අසල සවිකර තිබූ යකඩ වැටෙහිද ඝට්ටනය වීමෙන් අනතුරුව අඩි 1000 ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් බස් රථයේ ගමන් ගත් අයවලුන් බේරා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකා නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කළ අතර තුවාල ලැබූවන් 18 දෙනෙකු මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත. එම පිරිස අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු, කාන්තාවන් 05 දෙනෙකු, පිරිමි ළමුන් 03 දෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු සිටී.