Friday, September 05, 2025
Follow Us
අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයක්

ලබන වසරේ සිට බලාත්මක වන පරිදි පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 

ඊට අදාළ යෝජනාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිවරිය ලෙස අගමැතිවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. මෙම නව චක්‍රලේඛය සකස් කෙරෙන්නේ අනුව දැනට ඉගෙනුම ලබන පාසලේ සිට වෙනත් පාසලකට ඇතුළත්වීමට සත්‍ය වශයෙන්ම අවශ්‍යතාව පවතින සිසුන්ට අවස්ථාව හා ප්‍රමුඛතාව ලැබෙන පරිදිය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ද සැලකිල්ලට ගනිමින් මෙම නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට නියමිතය.