පිළියන්දල මධ්ය මහා විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඊයේ (04) පවත්වන ලදී.
ජනාධිපති කාර්යාලය, අධ්යාපන අමාත්යාංශය සහ ශ්රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක් ව පාසල් ළමුන් උදෙසා ක්රියාත්මක කරන වැඩසටහන් මාලාවට සමගාමීව මෙම අවස්ථාව හිමි වී තිබේ.
එම වැඩසටහනට සමගාමීව, පිළියන්දල මධ්ය මහා විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තු සාමාජික-සාමාජිකාවන්හට පාර්ලිමේන්තු සම්ප්රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය මෙන්ම, ක්ලීන් ශ්රි ලංකා ව්යාපෘතියේ සංකල්පමය වටිනාකම සහ එහි ප්රායෝගික වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද අවස්ථාව උදා විය.
මෙහිදී පිළියන්දල මධ්ය මහා විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තුවට ක්ලීන් ශ්රි ලංකා ව්යාපෘතිය භාර අමාත්යවරයෙකු පත් කිරීමද විශේෂත්වයකි. ශිෂ්ය පාර්ලිමේන්තු අමාත්ය මණ්ඩලය සහ සාමාජික -සාමාජිකාවන් වෙත සහතිකපත් ප්රදානය කිරීමද මෙම අවස්ථාවේදී සිදු විය.
ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, පාර්ලිමේන්තු මහ ලේකම් නීතීඥ කුෂානි රෝහණදීර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ ව්යවස්ථාදායක සේවා සහ සන්නිවේදන අධ්යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම-මහත්මීහු සහ පිළියන්දල මධ්ය මහා විද්යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.