Friday, September 05, 2025
Follow Us
කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක්
කෑගල්ල දිස්ත්රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් සංවර්ධන ව්යාපෘතීන් රැසක් මෙම වසරේ දී ක්රියාත්මක වෙමින් පවතින බවත් ඊට අදාළ සැලසුම් සකස් වෙමින් පවතින බවත් කෑගල්ල දිස්ත්රික් මාධ්ය ඒකකය පෙන්වා දෙයි.

ඒ අනුව කෑගල්ල දිස්ත්රික් සැලසුම් අංශය මඟින් 2025 වසරේ ක්රියාත්මක කිරීමට අපේක්ෂිත ව්යාපෘති අතර පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධන වැඩසටහන ඔස්සේ අරණායක ප්රාදේශීය ලේකම් කොට්ඨාසය හා බුලත්කොහුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සම්බන්ධ කරන උඩුව දෝතල් ඔය මාර්ග සංවර්ධන ව්යාපෘතිය , අසුපිනි ඇල්ල දෙයියන්වල මාර්ගය සංවර්ධනය කිරීමේ ඒකාබද්ධ ග්රාමීය සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීමට යෝජිතය.

ග්රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීමේ අමාත්යාංශය මඟින් ඒකාබද්ධ සංවර්ධන ප්රවේශයක් හරහා ශ්රී ලංකාවේ ග්රාමීය ප්රදේශවල ග්රාමීය බහුමාන දරිද්රතාවය තුරන් කිරීම සඳහා වැඩසටහන් ක්රියාත්මක කෙරේ.
 
අරණායක - ගංතුන මැදගම කොට්ඨාශයේ දෝතල් ඔය ගේට්ටුව අසල සිට අක්කර 50 දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ පළමු අදියර සදහා රු. මිලියන 4.1 ද ,අරනායක - ගංතුන මැදගම කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වැසිකිළි පහසුකම් සැපයීම වෙනුවෙන් රු. මිලියන 2 ක්ද ,කෑගල්ල අටුගොඩ සත්ව නිෂ්පාදන ගම්මාන වැඩසටහන රු. මිලියන 2.9 ක් හා කෑගල්ල - ගංතුන උතුර/දකුණ, බෙලිහුල්වාන අපනයන බෝග නිෂ්පාදන ගම්මාන ව්යාපෘතිය සදහා රු. මිලියන 5.3ක් හා කෑගල්ල, රංවල බුලත් නිෂ්පාදන ගම්මාන වැඩසටහන රු. මිලියන 2.7ක් හා අරණායක සැලව බටහිර රහල මහ අමුණ ප්රතිසංස්කරණ ව්යාපෘතිය සදහා රු. මිලියන 2 ද වෙන් වී ඇත.
 
විමධ්යගත අයවැය වැඩසටහන යටතේ කෑගල්ල අනුමත විමධ්යගත ව්යාපෘති ගණන 72කි. ඒ සදහා අනුමත ප්රතිපාදන ප්රමාණය මිලියන 103කි.
ප්රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහම ඇසුරින් ක්රියාත්මක කරන ලද විමධ්යගත අයවැය වැඩසටහන දැනට 75% ක ප්රගතියක් ලබා ඇති අතර 25% ප්රසම්පාදනය වෙමින් පවතී.
වතු ප්රදේශවල ආපදා නිවාස වැඩසටහන මඟින් NBRO ඔස්සේ අධි අවධානම් වාර්තා සහිත ආපදා නිවාස සදහා නව නිවාස ව්යාපෘති ඉදිකරනු ලැබෙන අතර එය 14කි. ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 48කි.
 
වතු නිවාස සඳහා පානීය ජල පහසුකම් සැපයීම සදහා ඇස්තමේන්තු සකස් කර අමාත්යාංශයට මේ වන විට යොමු කර ඇත.ඒ අනුව අරමුදල් ලබා දෙනු ලැබේ .ඒ යටතේ කෑගල්ල, බුලත්කොහුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වතු නිවාස 50 ක් සඳහා පානීය ජල පහසුකම් සැපයීම,ආපදාවට ලක් වූ වතු නිවාසවල වහල අලුත්වැඩියා කිරීම ඇතුලු ව්යාපෘති 6 ක් ක්රියාත්මක කිරීමට යෝජිතය. රුවන්වැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ප්රතිලාභීන් 10 දෙනෙකු සදහා වැසිකිළි අලුත්වැඩියා කිරීමේ ව්යාපෘතියක්ද මෙම වැඩසටහන යටතේ ක්රියාත්මක වේ.