වත්මන් රජයේ ව්‍යවසාය සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මකවන කර්මාන්ත නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙලට අනුව මාතලේ දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන සභාව පිහිටුවීම ඊයේ (21) සිදුකෙරුණි.
ඒ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ හා මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙනි.
ව්‍යවසායකත්වය සඳහා දායකවන සියලු ආයතන ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ගුණාත්මක හා කාර්යක්ෂම ආයතනික සහයක් ලබාදීම හා ආයතන අතර තිරස් හා සිරස් ආයතන බැදීමක් ඇති කිරීම මෙම සභාව පිහිටුවීමේ අරමුණයි.
ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල කුසලතා, ධාරිතාව සහ සම්පත් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, අවශ්‍ය තාක්ෂණික සේවාව සැපයීම, දිරිමත් කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම,ප්‍රතිපත්ති සහ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට සහය වීම, ගෝලීය සහ දේශීය වටිනාකම් දාමයක් සඳහා තිරසාර හවුල්කාරීත්වයක් ඇති කිරීමට පහසුකම් සැපයීම, ඵලදායිතාවය සහ ගුණාත්මක බව වර්ධනයට පියවර ගැනීම,අලෙවිකරණ අවස්ථා වැඩි කිරීම, ඩිජිටල්කරණය හා නවෝත්පාදන සඳහා යොමු කිරීම ආදී පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ.