ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන 'ජාතික ගමන් මග' වැඩසටහන යටතේ කනිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්යාප්ත වැඩසටහන අද (20) තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් ඩන්කන්වයිට් ශ්රවණාගාරයේ දී පැවැත්විණ.
මෙහි දී කනිෂ්ඨ ක්රිකට් උපකරණ කට්ටල 690 ක්, ක්රිකට් සපත්තු කට්ටල 9995 ක්, පන්දු විසිකිරීමේ උපකරණ කට්ටල 97 ක්, ක්රිකට් පන්දු 2760 ක් බෙදා දීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, පාසැල් මට්ටමින් දක්ෂ ක්රීඩක ක්රීඩිකාවන් ගොඩනැගීම මඟින් ජාතික මට්ටමේ දී සාර්ථක ක්රීඩකයින් බිහි කරගත හැකි බවයි.
මෙම අවස්ථාවට ශ්රී ලංකා ක්රිකට් සභාපති ශම්මි සිල්වා, තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යංශයේ ලේකම් අරුණ බණ්ඩාර ඇතුළු ආරාධිත පිරිස ද, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ පාසල් ශිෂ්ය ශිෂ්යාවන් රැසක් සහභාගී විය.