Thursday, August 21, 2025
Follow Us
දකුණු ආසියානු තරුණ නායකයින් කථානායකවරයා හමුවෙයි
දකුණු ආසියානු තරුණ නායකත්ව වැඩසටහනේ (Young South Asian Leaders Initiative – YSALI) නියෝජිතයන් පිරිසක් පසුගියදා (19) ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.

 අගෝස්තු මස 17 දින සිට 21 දක්වා කොළඹ දී පැවැත්වෙන දකුණු ආසියානු තරුණ නායකයින්ගේ කලාපීය වැඩමුළුවට සහභාගී වන මෙම පිරිස බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, සහ ශ්රී ලංකාවේ තරුණ නියෝජිතයින් අසූ දෙනෙකුගෙන් සමන්විත වූහ.

පාර්ලිමේන්තු සංචාරය අතරතුර දී නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ද හමුවූහ.