Friday, August 22, 2025
Follow Us
කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක් වෙනුවෙන් ඒකාබද්ධ අමාත්‍යංශ සාකච්ඡාවක්
කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳ පොලට නිකුත් කිරීම වෙනුවෙන් ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමට අදාළ පළමු සාකච්ඡාව අද (2025.08.21) දින පාර්ලිමේන්තුවේදී කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්ය අමාත්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විය.

කෘෂි නිෂ්පාදන වෙළඳ අමාත්යංශය සහ කර්මාන්ත අමාත්යංශය හරහා දේශීය හා විදේශීය වෙළඳ පොලට නිකුත් කිරීමටත්, කෘෂි අපනයන සිදු කරන ව්යවසායකයන් දියුණු කිරීම හා නව ව්යවසායකයන් ඇති කිරීම වෙනුවෙන් මෙම සංයුක්ත සැලැස්ම නිර්මාණය වනු ඇත.

මෙම සාකච්ඡාවේදී.
1. මෙම සංයුක්ත සැලැස්ම නිර්මාණය කිරීමට අවශ්ය පහත සඳහන් දත්ත දින හතළිස් පහක් ඇතුළත රැස් කිරීමටත්.
▪️රට තුළ සිදුවෙන සමස්ත කෘෂි නිෂ්පාදනය.
▪️ රට තුල නිෂ්පාදනය වන කෘෂි නිෂ්පාදනවලින් සමස්ත පාරිභෝජන ප්රතිශතය.
▪️දැනට දේශීය සහ විදේශීය වෙළඳපොළට නිකුත් වන කෘෂි නිෂ්පාදන ප්රමාණය.
▪️දැනට පවතින කෘෂි නිෂ්පාදනවලින් අප අපනයනය කළ හැකි ප්රමාණය.
 
2.මෙම සැලැස්ම නිර්මාණය කිරීමට අමාත්යංශ ත්රිත්ව නියෝජනය වන පරිදි කමිටුවක් නම් කිරීමටත් තීරණය විය.
මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, කෘෂිකර්ම අමාඅමාත්යංශ ලේකම්.ඩී. ජේ. වික්රමසිංහ මහතා, වෙළඳ අමාත්යංශ ලේකම් විමලෙන්තිරරාජා මහතා, අමාත්යංශ නිලධාරීන් සහ අමාත්යංශ අනුබද්ධිත ආයතනවල නිලධාරීන් සහභාගී විය.